සමනල ශිඛරෙන් ගලනා සිසිලෙන්
නැහැවුණු රුවන් බිමේ
අධ්‍යාපනයේ රන් දද නංවන
මිහිඳු පාසල් මෑණියනේ....
ගාමිණි පැරකුම් ධීර වීර විරුවන් හෙළ නැංවු සේ
අපිත් රටට දැයටත් වැඩ සලසමු මිහිඳු විදු සෙවනේ
නමදිමු සිරස නමා විදුහල් මෑණියනේ
බාධක දුරලමු ශක්තිය පෙන්වමු සෙනෙහස ඇතිව ළයේ
විදු නැණ එළියෙන් ලොව දල්වන්නෙමු හෙළ දෑ විරුවන් සේ
නමදිමු සිරස නමා විදුහල් මෑණියනේ
සමනල ශිඛරෙන් ගලනා සිසිලෙන්......
පාසල් ගීතය බාගත කරන්න


